අවිස්සාවේල්ලේ දී සාමනේර හිමි නමක් බලවත් අපහරණයකට ලක් කළ බව කියන පුද්ගලයකු මාස ගණනාවකට පසු අනියම් බිරියගේ නිවසේ දොර මුල්ලේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු සොයා පොලිසිය එම නිවසට ගිය අවස්ථාවේ අනියම් සැමියා මාස හයකින් නුදුටු බව එම නිවසේ සිටි කත කියා ඇත. එහෙත් පොලිසිය සෝදිසි කළ බවත් අපරාධකරුවකුට රැකවල් දුන් බව කියන චෝදනාව යටතේ අනියම් බිරිය අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.