අනුලා මහා රහත් තෙරණිය වන්දනා කරන්න මහා සෙනගක්


(උපුල් හේරත්)

ඓතිහාසික අනුලා චෛත්‍යයේ සිදු කළ කැනීමිවලින් හමුවු ධාතූන්වහන්සේලා වැඳපුදා ගැනීමට දිවයිනේ නන්දෙසින් මෙහනින් වහන්සේලා 5000 අධික පිරිසක් අද දින වැඩම කර සිටියහ.

භික්ෂූන් වහන්සේලා 1000 කට ආසන්න ප්‍රමාණයක් වැඩම කළ අතර ,භික්ෂුණින් වහන්සේලා 5000 වෙනුවෙන්  වියළි සලාක මල්ලක් හා මුදල් පරිත්‍යාගයක් කිරීමට මිහින්තලේ නාහිමි ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ හා බෝදාගම චන්දිම නාහිමියෝ කටයුතු කළහ.

ධාතුවහන්සේ ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව නැවතත් ලබන වසරේ දි  සෑම දිස්ත්‍රික්කයකම පාහේ ධාතු වහන්සේ ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇතැයි මිහින්තලේ නා හිමි පවසති.

ඊට අමතරව ශ්‍රීපාද විහාරාධිපති පැල්මඩුල්ල රජමහ විහාරය සහ රත්නපුර පොත්ගුල් රජමහා විහාරස්ථානයේ විහාරාධිපති රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ත්‍රිපිටකාචාර්ය ආචාර්ය බෙංගමුවේ ධම්මදින්න මාහිමියන් වහන්සේ ද, ලන්ඩන් නුවර තේමස් විහාරාධිපති පහලගම සෝමරතන නාහිමියන්ද, අමරපුර මූලවංශික මහා නිකායේ අනුනායක යෝගියානේ සෝභිත හිමියන්ද, දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක කෑගල්ලේ රතනසාර හිමියන් ද වැඩම කළ සිටියහ. මෙම  අවස්ථාවට වියට්නාම තානාපති හෝ තන් ටෘක් මහත්මිය සහභාගී වූවාය.