අනූෂ පැල්පිට ආරක්ෂා නොකළ බව වජිර කියයි


අනුෂ පැල්පිට අනුයුක්ත කළ පසු ඔහු තම මිත්‍රයෙකු බවත් ඔහු ආරක්ෂා කිරීමට ක්‍රියා කළ බවත් හුවා දැක්වීම තමා තරයේ ප්‍රතික්ෂේප කරන බව ස්වදේශ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියයි.

‘පසුගිය දා ඇති වූ හදිසි ආපදා අවස්ථාවේදී නිලධාරීන් තම රාජකාරී සම්බන්ධයෙන් වෙනත් ස්ථානවලට අනුයුක්ත කරමින් රජයක් වශයෙන් අපි ජනතාව බලාගත්තා එවැනි තාවකාලික අනුයුක්ත කිරීමක් පමණයි සිදුවුණේ ඔහු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සංචිතයේ සේවය කරන නිසා. ඔහු එම සංචිතයෙන් හදිසි ආපදා තත්ත්වයට අනුයුක්ත කළා‘ යැයිද ඇමැතිවරයා කීය.

මේ අතර රාජ්‍ය දේපළ අයුතු පරිහරණය පිළිබඳ චෝදනා ලැබ සිටන පරිපාලන නිලධාරීන් දෙදෙනෙක් අමාත්‍යංශ දෙකක අතිරේක ලේකම් තනතුරුවලට පත් කිරීම පිළිබඳව දැඩි විරෝධය හා අප්‍රසාදය පළ කරන බව පැෆරල්, කැෆේ, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ඇතුළු සංවිධාන පහක් එක්ව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කැරිණි.

wajira_2016530

ඡායාරූ හා වීඩියෝ - ශාන්ත රත්නායක