(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවසීය.
එම වාර්තාව නීතිපතිවරයාට යොමු කරන බවත් කොමිෂන් වාර්තා පිළිබඳව ඉදිරි තීරණ ගැනීම සඳහා ජනාධිපති කමිටුවක් පත් කිරීමටත්, දෙදින විවාදයක් පැවැත්වීමටත් තීරණය කෙරුණු බව සභානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.