(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගෙන ආරක්ෂාව සැලසීම පැහැර හැර තිබූ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(12) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
රෝහලේ නිසි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී නොතිබූ හෙයින් ඕනෑම අයෙකුට රෝහලට බාධාවකින් තොරව පැමිණීමට අවස්ථාව සැලසී තිබූ බවද ඔහු සඳහන් කළේය.