තම පදමාලාවන්ගෙන් ප්‍රවීණයන් මෙන්ම නවකයන්ටද අත්වැල් සපයන ජනප්‍රිය ගේය පද රචකයෙකු වන ඩිලාන් ගමගේ සුභාවිත ගීත සහ වර්තමාන ගී රචකයන් ගැන කථා බහ කිරීමට 'සාරවිට' හා සම්බන්ධවූ මොහොතකි මේ.
"අද හොඳ ගීත නැතුව නෙමෙයි, රත්න ශ්‍රී සර්ලා, සුනිල් ආරියරත්න සර්ලා, ලූෂන් බුලත්සිංහල සර්ලා හිටියා. මේ කාලෙත් දක්ෂයොත් ඉන්නවා. සුභාවිත ගීත වෙන්නෙ නෑ කියලා සමාජයේ කතාබහක් තියෙනවා. අපේ ඉන්න ප්‍ර‘වීණයන් හරි කුහකයි."
"ප්‍රවීණයෝ නව පරපුරට නව දක්ෂතා තියෙනවා කියලා අවස්ථාව දෙන්නෙ නෑ. ඒ අය 'මගේ සින්දු ලියන්නෙ මෙයා විතරයි' කියන තැනට කොටුවෙලා ඉන්නවා. ඒ පරපුර විතරයි වැඩ කරන්නේ. මෑත සුභාවිත කියලා කළ එකම ගීතය මට ඇහුණේ දර්ශන රුවන් අයියා කළ 'මේ තරම් සියුමැලිද කළුගල්' ගීතය විතරයි. ඒ අවස්ථාව නොදුන්නනම්, ඒ දෙන්නා වැළලෙන්න තිබුණා. අපේ ප්‍රවීණයෝ හිතන් ඉන්නේ අපි ප්‍රවීණයෝ වුණේ එකපාරට කියලා.අපේ ක්ෂේත්‍ර‘යේ දැන් ඉන්නෙ කලාකරුවන්ට වඩා කළහකරුවෝ. ඒ කළහකරුවෝ කියන එක අයින්කරලා කලාකරුවෝ වෙන්න. අපේ නිර්මාණයක වැරදි තියෙනවා නම්, ප්‍රවීණයන්ට පෙන්නලා දෙන්න පුළුවන් වෙන්න ඕන. එක එක තැන්වල බැණ බැණ යනකොට කොහොමද ඒ දේවල් හැදෙන්නෙ. මම ලතාවල්පොල, රෝහණ වීරසිංහ, ඇන්ජලීන් මහත්මිය සමගත් ගීත නිර්මාණය කරලා තියෙනවා. එහෙත් මාධ්‍යවල ප්‍රචාරණය වෙන්නෙ නැහැ. ඒ වගේ ගීත මම නිර්මාණය කරලා තියෙන්නෙ මගේ ආත්මතෘප්තියට. මාධ්‍ය විසින් ඒ ගීත වළලා තියෙනවා. ඒවටත් ඉඩක් දෙනවා නම් හොඳයි."
නිදුක් මදුෂික