අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට


(සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ ඉඩම්තොට ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් එක් අයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි

මියගොස් ඇත්තේ ගිරිමාදුර සමන් කුමාර නොහොත් සුද්දා නැමත්ති සිවුදරු පියකු  බව පොලිසිය කියයි.

සමන් නැමැත්තා සිය නිවෙසේ සිටියදී යතුරු පැදියකින් ආ දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇතැයි පොලිසිය කියයි.

පොලිසියට ඔත්තු දුන්නැයි කියන සැකය මත මෙම වෙඩි තැබීම සිදු කළේද යන්න පිළිබඳව පොලිසිය සැක පළකරයි.