අයවැයට ඡන්දය දුන් හේතුව කාදර් කියයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික  වීරරත්න)

ජනතාව මේ ආණ්ඩුව බලයට පත් කිරීමට ගත් තීරණයට ගරු කරමින් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා පැවසීය.

2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී  මස්තාන් මහතා අයවැයට පක්ෂව ඊයේ ඡන්දය භාවිත කළේය.

කාදර් මස්තාන් මහතා මෙසේද පැවසීය

මේක ආණ්ඩුවේ පළමුවෙනි අයවැය. ජනතාව ඔවුන් බලයට පත් කළා. හොඳ දෙයක් රටට වෙන්න ඕන කියලා තමයි ජනතාව හිතන්නේ. ජනතාවගේ අදහස අනුව යමින් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. ආණ්ඩුව ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කරාවිද කියලා ඉදිරියේදී බලාගමු. ජනතාව දීපු බලයට  විරුද්ධව කටයුතු කිරීමට වඩා ජනතාව වෙනුවෙන් සහය දීම තමයි  අපි කරන්න ඕන.