(යොහාන් භාසුර)
මෙම වසරේ අයවැය තුළින් රාජ්‍ය සේවක වැටුප් සහ 2020 වසරට පෙර විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප ඉහළ දැමීමෙන් විශ්‍රාමිකයන් 150,000 ක පමණ පිරිසකගේ විශ්‍රාම වැටුපේ විශාල විෂමතාවක් ඇති වී තිබෙන බව රජයේ විශ්‍රාමිකයන්ගේ එකමුතුව පැවසීය.
එම විශාල පරතරය අයවැය සම්මතවීමට පෙර නිවැරදිකරන ලෙස අවස්ථා කීපයකදී ඉල්ලීම් කළ ද ඵලක් නොවූ බවත් 2020 වසරේ සිට 2024 වසර දක්වා වසර පහක් තුළ විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකයන් මෙම ගැටලුවට මුහුණදී සිටින බවත් එම එකමුතුව සඳහන් කරයි.
යෝජිත නව විශ්‍රාම වැටුප සහ වර්තමාන විශ්‍රාම වැටුප් හොඳින් අධ්‍යනය කිරීමෙන් සිදුව ඇති අසාධාරණය පිළිබඳව මනා වැටහීමක් ගතහැකි බවත් එම එකමුතුව වැඩි දුරටත් පවසයි.