අරගලකරුවෝ යළි පාරට


(නිමල කොඩිතුවක්කු)

ආණ්ඩුව ගෙන යන මර්දනකාරී වැඩ පිළිවෙළට එරෙහිව සහ ජනතාව මුහුණ දෙන අර්බුද වලට එරෙහිව සමාජවාදී තරුණ සංගමය හා ගෝල්ෆේස් අරගලකරුවෝ කොළඹ දී අද (7) සත්‍යග්‍රහයක නිරත වූහ.

‘‘මර්දනයට එරෙහි කළු හෝරාව‘‘ මැයෙන් බත්තරමුල්ල පොල්දූව හන්දියේ දී සංවිධානය කළ මෙම සත්‍යග්‍රහය සඳහා කලාකරුවන් ඇතුළු පිරිසක් කලු වතින් සැරසී එක්ව සිටියහ.

මර්දනය නවතනු ජනතාවට සහන දෙනු ආණ්ඩුව වේදිකාවෙන් බැස යනු ආදී සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස සත්‍යග්‍රහයේ නිරත විය.

සත්‍යග්‍රහය හේතුවෙන් පොල්දූව අවට මාර්ගවල රථවාහන තදබදයක් පැවැතියේය. මේ සඳහා දමිතා අබේරත්න, සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකර, ලහිරු වීරසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

(ශාන්ත රත්නායක)