අර්චුනා අත්අඩංගුවට


(රොමේෂ් මධූෂංක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහත අද (29) දින යපනයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාර මන්ත්‍රීවරයා  ජනවාරී 20 වනදා අනුරාධපුර රඹෑව පොලිස් වසමේදී රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු විය.