අල්ලස් ගත් විමර්ශන නිලධාරීන් 4 ක් රිමාන්ඩ්


ගම්පහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධරයන් සිව් දෙනෙක් අල්ලස්  ගැනීමේ චෝදනාව මත සැප්තැම්බර් 9 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  නිශාන්ත පිරිස්  මහතා අද (2) නියෝග කළේය.

සුමිත් නිශාන්ත, හර්ෂණ තුෂාර, ලසන්ත රාජපක්ෂ, චරුන්ද ප්‍රසාද් එම නිලධරයෝ වෙති.