(අංජුල මහික වීරරත්න)
මට මතකයි, අස්වැන්න නෙලලා ගෙදරට වී ගෙනාවට පස්සේ අපේ ගෙවල් වල වී ටික කඳු ගහන්න ලොකු ඉඩක් නෑ.අපි ගෙදර වී ගෝනි තියලා ඒ වී ගෝනි උඩ නිදාගෙන තිබෙනවා යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික අලුත් සහල් මංගල්‍යයේදී පැවසීය.
ජාතික අලුත් සහල් මංගල්‍ය අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අභියසදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණි. ගොවීන් විසින් නෙලා ගත් වී අස්වැන්නේ අග්‍ර භාගය මෙහිදී ශ්‍රී මහා බෝධිය අසල රන් ආලේපිත පාත්‍රයට පුරවා ආශිර්වාද ගැනීම මෙහිදී සිදු කෙරිණි.
ජනාධිපතිවරයා මෙසේද කීය.
අපි කවුරුත් කෘෂිකර්මාන්තයේ යෙදුණු අය.අපි ගොවි අම්මා අප්පලාගේ දරුවෝ.ජනතාව විඳින අනේකවිධ දුක්ඛ දෝමනස්ස ගැන අවබෝධයක් තියෙන මිනිස්සු.මේ රටේ ගොවීන්ට කෘෂිකර්මයට අනාගතයක් ගැන විශ්වාසය තැබිය හැකි සංවර්ධනයක් බලාපොරොත්තු විය හැක්කේ අපෙන් පමණයි.