(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අවුරුදු සමයේ බඩු මල්ල ලබාදීම සඳහා වෙන් කළ රුපියල් මිලියන 1000 ක මුදල රුපියල් මිලියන 1500 දක්වා වැඩි කරන්නට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අපි පන්දාහක බඩු මල්ලක් 2500 ට දෙනවා.අස්වැසුම නැති නමුත් අස්වැසුම අපේක්ෂාවෙන් ඉන්න අට ලක්ෂයක් පමණ වන අයැදුම්කරුවන්ට මේ සහනය දෙනවා.ඒ සඳහා ලංකා සතොස ආයතනය සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවා කටයුතු කරනවා.
නාඩු සහල්, ලොකු ලූනු, අල, පරිප්පු,සැමන්,රතු සීනි, පාං පිටි, සමපෝෂ ,සෝයා ඇතුළත්ව කිලෝ ග්‍රෑම් 15-17 අතර බඩු මල්ලක් අප ලබා දෙනවා යැයි අමාත්‍යවරයා කීය.