බොලිවුඩයේ මෙන්ම දකුණු ඉන්දීය සිනමාව තුළද අතිශය ජනප්‍රිය සුරූපී නිළි තමන්නා භාටියා මේ දිනවල අශ්වයන් පිට යාමට පුරුදු පුහුණුවන බව වාර්තා වෙනවා. මෙසේ තමන්නා අශ්වයන් පිට යාමට පුරුදු පුහුණු වන්නේ ලබන අගෝස්තුවේදී රූපගත කිරීම් ආරම්භ කරන 'බාහූබලී' චිත්‍රපටයේ දෙවැනි කොටස සඳහා බව මෙම තොරතුරු වැඩිදුරටත් සඳහන් කරනවා.
"පොඩි කාලේ ඉඳලා මම අශ්වයන්ගේ පිටේ යන්න බය කෙනෙක්. නමුත්, චිත්‍රපටයට අවශ්‍ය කරන විදිහට මට අශ්වයන් පිට යන්න සිදුවෙලා තියෙනවා. මේ දවස්වල මම වැඩිපුර කාලය ගෙවන්නෙ අශ්වයන්ගේ පිටේ යන්න පුරුදු වෙන එක. ඒකට මට ගොඩක්ම උදව් කරන්නෙ චිත්‍රපට සටන් අධ්‍යක්ෂවරයෙකු වූ ජිතු වර්මා. ජීවිතේ පළමු වතාවට තමයි මම අශ්වයන් සමග චිත්‍රපට දර්ශනයක පෙනී ඉන්නේ. 'බාහූබලී' දෙවැනි චිත්‍රපටයේ දර්ශන බොහෝ ප්‍රමාණයක තියෙන්නේ සටන් ජවනිකා. මමත් ඒ දර්ශනවලට පෙනී ඉන්නවා. ඉතින් අශ්වයන්ගේ පිටේ යන්න පුරුදු වෙනවා විතරක් නෙවෙයි මේ දිනවල මට කඩු හරඹ පුරුදු වෙන්නත් සිදු වෙලා තියෙනවා. ඊට අමතර චිත්‍රපටයේ එන ගීත කිහිපයකට මම පෙනී ඉන්නවා. නර්තන පුහුණුවිම්වලදී නම් ලොකු අභියෝගයක් මට නැහැ. මොකද, ප්‍රභුදේවා සර් එක්ක තමයි මට නර්තන පුහුණුවීම් කරන්න තියෙන්නේ. මේ වැඩ කටයුතුත් එක්ක මම දැඩි ලෙස කාර්යබහුල වෙලා ඉන්නවා කිව්වොත් හරි."