(සුජිත් හේවාජුලිගේ )

ලාෆ්ස් ගෑස් භාවිත කරන ආපනශාලාවල කොත්තු සහ රයිස් මිල අද (14) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 15කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.

සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කළේ, ඊට සමගාමීව කෙටි ආහාර (Short Eats) මිල ද රුපියල් 5කින් ඉහළ දමන බවයි.

ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම හේතුවෙන් මෙම මිල සංශෝධනය සිදුකර ඇති බව සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.