අහංගම මූදේ- බලන් ’’සර්ෆින්’’ සාදේ


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව නැවතත් සංචාරක සීඝ්‍රයෙන් හිස ඔසවමින් සිටින අතර  අහංගම කැබලාන මුහුදු තීරයේදී දින දෙකක් පුරා "සර්ෆින්" තරගාවලිය රටවල් 25 ක සහභාගීත්වයෙන් පැවැත්වුණ බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ශ්‍රි ලංකාව ද ඇතුළුව රටවල් 25ක් නියෝජනය කරමින් තරග කරුවන් 120ක් සහභාගී වු මෙම තරගයේ කාන්තා අංශයේ ජය දකුණු අප්‍රිකාවේ Nikita Robb දිනාගත් අතර පිලිවෙලින් දෙවන හා තෙවන ස්ථාන බ්‍රසීලයේ Potyar Scheafer විසින් හා ස්වීඩනයේ Felicia Steen විසිනුත් දිනාගත් බව අමාත්‍යවරයා කීය.

පිරිමි අංශයේ ජය දකුණු අප්‍රිකාවේ Jacob Mellish විසින් දිනාගත් අතර  දෙවන ස්ථානය ශ්‍රි ලංකාවේ Lakshitha Madushan විසිනුත් තෙවන ස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ Shane Holmes දිනාගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

 සංචාරක අමාත්‍යාංශයේ හා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ පූර්ණ අදීක්ෂණය යටතේ පැවති මෙම තරගයේ ජයග්‍රාහකයිනට සුබ පැතුම් එක් කරන බව ද සංචාරක අමාත්‍යවරයා පැවසීය.