ජුනි 03 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති සජිද් නදිඩ්වාලාගේ 'හවුස්පුල්" තුන්වැනි චිත්රපටය ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් පහසුවෙන් උපයාගනු ඇති බවයි.
ආක්ෂේ මේ පිළිබඳව වැඩිදුරටත් සඳහන් කරමින් පවසා තිබුණේ, සුපිරි නළු නිළියන් රැසක්ම රංගනයෙන් දායකවන බැවින් මෙම චිත්රපටය කෙරෙහි ප්රේක්ෂක උනන්දුව මේ වනවිට වැඩිව තිබෙන හෙයින් මෙම චිත්රපටය පහසුවෙන් ඉහළ ආදායමක් උපයාගනු ඇති බවට තමාට ලොකු විශ්වාසයක් පවතින බවයි.
මීට පෙර නිර්මාණය වූ 'හවුස්පුල්' චිත්රපටද ලොවපුරා තිරගත වෙමින් ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි මුදලක් උපයා ගැනීමට සමත්ව තිබුණි. කෙසේ වෙතත්, පළමු චිත්රපටයේ රඟපෑ අර්ජූන් රම්පාල්, දීපිකා පදුකෝන් හා ලාරා දත්තාද, දෙවැනි චිත්රපටයේ රඟපෑ ජෝන් ඒබ්රහිම්, ශාරිනි ඛාන්, අශ්නි තොට්ටුමුකල්, ශ්රියා තල්පාඩේ, සූසෑන් පද්ම ශ්රීද මෙම චිත්රපටයට සම්බන්ධ වී නොමැති අතර, අලුත්ම "හවුස්ෆුල්' චිත්රපටයේ නවකයන් ලෙස අභිෂේක් බච්චන් හා ලීසා හේඩින්, නර්ගීස් පක්රිද එක්ව සිටිති.