(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි සහ ගයාන් සූරියආරච්චි)
මීරිගම මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ පසුගිය 18 මධ්‍යම රාත්‍රියේ සිදු වූ රිය අනතුරින් මියගිය කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ බිරියද අද (26) අලුයම මරණයට පත්වී ඇතැයි කොළඹ ජාතික රෝහල කියයි .
මෙසේ මියගොස් ඇත්තෙ මාකොළ දකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි සතීෂා ගයන්ත මහත්මියයි.
මෙම අනතුරින් දරුවන් තිදෙනා ඇතුළු හය දෙනෙකු තුවාල ලැබු අතර , බරපතල තුවාල ලැබූ ඇය දියණියන් දෙදෙනා හා පුතු සමඟ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇත.
කථිකාචාර්යවරයාගේ ඥාති සොහොයුරාද ඉකුත් දිනෙක ප්‍රතිකාර ලබමින් සිටිද්දී මරණයට පත් වූ අතර ඒ අනුව මෙම අනතුරින් මියගිය ගණන තුනක් දක්වා ඉහළ ගොස් තිබේ.
කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී. ගුණේන්ද්‍ර. ගයන්ත( 45) මහතා ඇතුළු පවුලේ පිරිස වෑන් රියකින් යාපනයේ සිට ආපසු නිවස බලා එමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබිණි.