ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ධුරය හෙබ වූ ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මීළඟ අධිපතිවරයා ලෙස පත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාගෙන් ඉල්ලීමක් කළ බවත්, තමන් එම ඉල්ලීම පිළිගත් බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය වීරසිංහ මහතා රොයිටර්ස් පුවත් සේවයට පවසා ඇත.
ඔහු මේ වනවිට මෙරට බලා පැමිණෙමින් සිටින බව ද වාර්තා වේ. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, වසර 29කට අධික සේවා කාලයකින් පසු ඉකුත් 2020 වසරේ දී මහ බැංකුවෙන් විශ්‍රාම ගත්තේ ය.
ඒ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුවේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූයේ වීරසිංහ මහතා ය.
“ජනාධිපතිවරයා මට දුරකතන ඇමතුමක් දී මහ බැංකු අධිපති ධුරය පිරිනැමුවා. මෙම එය පිළිගත්තා” යැයි ආචාර්ය වීරසිංහ මහතා රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබිණි.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ, මේ වසරේ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය අද (5) පැවැත්වීමට නියමිතව තිබුණු නමුදු එය දින නියමක් නොමැතිව කල් දමා ඇත.
(055)