
(අංජුල මහික වීරරත්න)
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවෙක් පැය 72 ක රඳවා ගැනීමේ කාලය පැය 48ක් දක්වා අඩු කිරීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පැවසීය.
සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පනතට වර්තමානයේදී පුද්ගල කණ්ඩායම් දෙකක් විරෝධය ප්‍රකාශ කරන අයුරු දැකගන්නට තිබෙන බව කී ජනාධිපතිවරයා පළමු කණ්ඩායම අපරාධ කරුවන්ගේ රැකවරණය ලබන අය බවත් දෙවෙනි කණ්ඩායම මානව හිමිකම් සම්බන්ධයෙන් උනන්දු කණ්ඩායම බවත් සඳහන් කළේය.
එම දෙවැනි කණ්ඩායම සමග සාකච්ඡා කිරීමට රජය සූදානම් බව කී ජනාධිපතිවරයා පළමු කණ්ඩායමට කරන්නට දෙයක් නැති බව කීය.
එමෙන්ම සිරුරේ පච්ච කෙටීම සම්බන්ධයෙන් අදාළ පනතේ සඳහන් කාරණය ලංකාවට අවශ්‍ය නැතිනම් එයද ඉවත් කිරීමට සූදානම් බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම සුරා බදු පනත යටතේ දක්වා ඇති වැරදි වලට සංවිධානාත්මක අපරාධ පනත යටතේ ක්‍රියා කිරීමේ වගන්තිය සංශෝධනය කිරීමටද සූදානම් බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ රටම එකට ජාතික මෙහෙයුමේ වසරක ඇගැයුම් සර්ව ආගමික සමුළුව අමතමිනි.
කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම සමුළුව පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd