(යොහාන් භාසුර)

නීති විරෝධීව මෙරටට ගෙන ඒමට උත්සාහ කළ රුපියල් මිලියන 790ක් හෙවත් රුපියල් කෝටි 79 ක් පමණ වටිනා විදේශීය සිගරැට් තොගයක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අද (5) භාරයට ගත්තේය.

ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරමින් මෙරට ආනයනය කළ මෙම සිගරැට් රැගත් කන්ටේනරයක් රේගු මධ්‍යම විමර්ශන අංශය භාරයට ගෙන විවෘත කළ බවත් රේගු නිලධාරීන් කළ සෝදිසි කිරීමකදී එම කන්ටේනරය තුළ තිබී සිගරැට් කාටුන් 457ක් සොයාගත් බවත් රේගුව කීය.

මෙම සිගරැට් තොගය ජාවාරම්කරුවන් රේගුවෙන් පිටකරගත්තේ නම් රජයට රුපියල් කෝටි 20 ක පමණ බදු ආදායමක් අහිමිවීමට ඉඩතිබූ බව ද සඳහන් කළ රේගුව මෙම ජාවාරම සම්බන්ධයෙන් යැයි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ද සඳහන් කළේය.

ඉන්දියාවේ සිට පොටෝකොපි කඩදාසි සහ සාමාන්‍ය කඩදාසි ලෙස දැක්වෙන ව්‍යාජ ආනයනික ලියකියවිලි ඉදිරිපත් කරමින් මෙම සිගරැට් තොගය මෙරටට ආනයනය කර ඇති බවත් කඳාන ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයක් සහ ලියකියවිලි සහිත සමාගමක් වෙත මෙම කන්ටේනරය ආනයනය කර ඇති බවත් රේගුව පැවසීය.