ආනයනික සහල් තොගයක් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට පැතිර යන ආරංචිය ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කරයි.
නිර්ණාමික හඬ පටයක් හරහා පැතිර යන මේ ආරංචියෙන් කියැවෙන්නේ ඔවුන්ගේ සිවුවැනි සහල් තොගය කල් ඉකුත් වී ඇති බවය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන අමාත්‍යාශය අවධාරණය කරන්නේ වෙළෙඳපොලේ ඇති සියලුම භාණ්ඩවල ආරක්ෂාව, වලංගු භාවය සහ ප්‍රමිතිය පිළිබඳව තහවුරු කරගැනීම සඳහා ඒවා සියල්ලම අදාළ බලධාරීන්ගේ සහයෝගය ඇතිව අමාත්‍යාංශය විසින් රසායනාගාර පරීක්ෂාවකට ලක්කරන බවය.
යම් භාණ්ඩයක වලංගු භාවය පිළිබඳව යම් විමසීමක් හෝ පැමිණිල්ලක් ඇති නම් [email protected] දරණ විද්‍යුත් ලිපිනය හෝ @MEC_QATAR ට්විටර් ගිනුම හරහා සෘජුවම අමාත්‍යාංශය සමග සම්බන්ධ වන ලෙසට ඉහත නිවේදනයෙන් මහජනතාව වෙත දැනුම් දී තිබේ.