ආනෝල්ඩ්ට පේස්මේකරයක්


සුපිරි හොලිවුඩ් නළු 76 හැවිරිදි ආනොල්ඩ් ෂ්වොට්ස්නෙගර් සැත්කමකට භාජන කර ඇත. ඒ, පේස් මේකර් උපකරණයක් හදවතට සම්බන්ධ කිරීම සඳහාය.

මේ බව නිවේදනය කළේ ද ආනෝල්ඩ්ය. ඒ, ඔහුගේ එක්ස් ගිණුම ඔස්සේය. අනෝල්ඩ් මීට පෙර හදවත් සැත්කම් 3 කට මුහුණ දී ඇත.

සැත්කමින් පසු තමන් ටික දිනක් විවේක ගන්නා බව ද ආනෝල්ඩ් පවසා ඇත.

(ඇමෙරිකන් මාධ්‍ය ඇසුරිනි)