(බී. ජී. චතුරංග)

​අනුරාධපුර, දහයියාගම වටරවුම දෙස සිට ගෙවල් 55 දෙසට දිවෙන මාර්ගයේ ඩී.එස්. සේනානායක ප්‍රාථමික විද්‍යාලය ආසන්නයේදී  සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 10ක දියණියක ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

​මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ විජයපුර  සම්මානි තරුණිමා ඒකනායක නමැති 10 හැවිරිදි දැරියකි.

ලංකා ගමනාගමන මණ්ඩලයට (ශ්‍රී ලං.ග.ම.) අයත් බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අදාළ යතුරු පැදිකාරිය එම දැරියද සමඟ දහයියාගම වටරවුම දෙස සිට ගෙවල් 55 දෙසට මාර්ගයේ වම් පසින් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

එම අවස්ථාවේදී ඊට පිටුපසින් එම දිශාවටම අනුරාධපුර සිට තුරුවිල දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයේ අනුරාධපුර ඩිපෝවට අයත් බස් රථය යතුරු පැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.