(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවට එන ආයෝජකයන් පණ මෙන් සුරැකිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අදානි වැඩසටහන ලංකාවට අවශ්‍ය බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ලියූ ශ්‍රී ලංකා ආර්ථිකයේ පංචායුදය කෘතිය ජනගත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
රාජගිරිය බැංකු විදු පියස පරිශ්‍රයේදී මෙම උත්සවය පැවැත්විණි. " අපි ආර්ථිකයට කළේ කුමක්ද? ඔක්සිජන් දෙමින් හිටපු ලෙඩාට ඔක්සිජන් දීම නතර කර වයර් ටික ගලවා තිබෙනවා.නමුත් ඔක්කොම වයර් ගලවා නැහැ.තාම ලෙඩා ඉන්නේ දැඩි සත්කාර ඒකකයේ.එතනින් ගොඩට ගැනීම මේ ආණ්ඩුවේ වගකීමක්.ඔවුන් ඒක හරියට කරන්න ඕන.
ආර්ථිකය වර්ධනය කරන්න අපට ප්‍රාග්ධන මුදල් තාක්ෂණය තිබිය යුතුයි.අපේ රටේ ඔක්කොම වැඩ කරන්න ප්‍රාග්ධන මුදල් සහ තාක්ෂණය නෑ.එසේ නම් ඒවා පිටින් ගත යුතුයි.චීනය මෙන්ම ඉන්දියාවත් එය කළා.
අප ආයෝජකයන්ට විශ්වාසය දිය යුතුයි.පරණ ක්‍රම වලට ගිහින් ඒ විශ්වාසය කඩන එක හරි නෑ යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා කීය.
( ඡායාරූප:- සුමුදු හේවාපතිරණ)