සහල් අතිරක්තයක් රටේ තිබියදී කැබිනට් අනුමැතියකින් තොරව පොන්නි සම්බා මෙට්රික් ටොන් 98,375ක ප්රමාණයක් මෙරටට ගෙන්වා රුපියල් බිලියන 5.5ක රජයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයක් සඳහා ප්රකාශයක් ලබාගැනීමට කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් අද (31) වංචා දූෂණ විමර්ශනය පිළිබඳ ජනාධිපති කොමිසමට කැඳවා තිබිණි.