ඇමෙරිකා පුණ්‍යායතනය සුව ඇමති හමු වෙයි


(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර පුණ්‍යායතනයේ (Latter-day Saint Charities) නියෝජිතයින් පිරිසක් අතර විශේෂ හමුවක් අද (24) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

පිළිකා ඖෂධ පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඇමරිකා ඩොලර් මිලියනයකට වඩා අධික වටිනාකමකින් යුත් ඖෂධ එම ආයතනය දැනටමත් මෙරට ට පරිත්‍යාග කර ඇති බව ද මෙහි දී අනාවරණය විය.

එම පූණ්‍යායතනය විසින් පසුගිය කාලසීමාවේ ක්‍රියාත්මක කරන ලද රෝද පුටු සංචලන ආධාර ව්‍යාපෘතිය සහ පිළිකා ඖෂධ පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘති අඛණ්ඩ ව සිදු කරගෙන යාමට එම ආයතනයේ එකඟතාවය ද අමාත්‍යවරයාට මෙහිදී පළ කළේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීවෙි  රජය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු සඳහා පවතින සම්පත් උපයෝගී කරගනිමින් සහ සැලසුම් සහගත ව විසඳුම් ලබා‌දෙමින් මනා කළමනාකරණයකින් යුතු ව කටයුතු කරන බවයි.