ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරයට පළමු වරට කාන්තාවක්


ඇමෙරිකානු ඉතිහාසය අලුත් කරමින් කමලා හැරිස් මහත්මිය එරට උප ජනාධිපති ධුරයට පත් වූ පළමු කාන්තාව බවට පත්වූවාය.

එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිරයේ එවැනි තනතුරකට පත්වූ පළමු කාන්තාව මෙන්ම පළමු කළු ජාතික කාන්තාව වන්නේ ද කමලා හැරිස් ය.

පෙන්සිල්වේනියා ජනපදය ජයග්‍රහණය කරමින් ඡන්ද ගණ (සමූහ) 20ක් දිනාගැනීමට ජෝ බයිඩන් සමත් විය. ඒ අනුව තියුණු සටනකින් පසුව ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස පත්වීමට ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් මහතා සමත් විය.

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් මොහොතකට පසු කමලා හැරිස් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි.

“මේ මැතිවරණ මා ගැන හෝ ජෝ බයිඩන් ගැන විතරක් නෙවෙයි. එය ඇමෙරිකාවේ උදාරත්වය සහ ඒ වෙනුවෙන් සටන් කිරීමට අප තුළ ඇති උනන්දුව කැමැත්ත පිළිබඳ කරුණක්. අපට කරන්න වැඩ ගොඩක් තියෙනවා. අපි පටන්ගමු” යැයි එම ට්විටර් පණිවුඩයේ දැක්විණි.

ඒ.එෆ්.පී./රොයිටර්

055