
(මොහොමඩ් ආසික්)
දිවයින පුරා පවතින අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්රික්ක අටක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 25 කට නායයෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කර තිබේ.
ඒ අනුව මහනුවර දිස්ත්රික්කයේ උඩදුම්බර සහ නුවරඑළිය දිස්ත්රික්කයේ වලපනේ සහ නිල්දණ්ඩාහින්න යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.
එයට අමතරව බදුල්ල දිස්ත්රික්කයේ මීගහකිවුල, ගාල්ල දිස්ත්රික්කයේ තවලම සහ නාගොඩ, මහනුවර දිස්ත්රික්කයේ තුම්පනේ සහ මිනිපේ, කෑගල්ල දිස්ත්රික්කයේ කෑගල්ල, රුවන්වැල්ල , මාවනැල්ල, අරණායක, වරකාපොළ, යටියන්තොට සහ බුලත්කොහුපිටිය, මාතර දිස්ත්රික්කයේ පස්ගොඩ, මොණරාගල දිස්ත්රික්කයේ වැල්ලවාය, නුවරඑළිය දිස්ත්රික්කයේ කොත්මලේ නැගෙනහිර සහ කොත්මලේ බටහිර, මතුරට සහ හඟුරන්කෙත, රත්නපුර දිස්ත්රික්කයේ කොලොන්න, වැලිගෙපොළ, ගොඩකවෙළ. සහ බලංගොඩ යන ප්රා දේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනයද නිකුත් කර තිබේ.
පළමු මට්ටමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති ප්රදේශවලට පසුගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් තව දුරටත් වැසි පවතී නම් අවධානයෙන් සිටින ලෙසත් දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්රදේශවලට පසුගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් තව දුරටත් වැසි පවතී නම් ආරක්ෂිත ස්ථානයකට යාම සඳහා සූදානමින් සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දන්වා සිටියි.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට 2026.11 08 වන දින රාත්රී 8.00 දක්වා බලපැවැත්වෙන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය තව දුරටත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd