ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක්


ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක් සිදුවිය. ඒ, නිවාඩුවෙන් පසු පාසල් යළි ආරම්භ වූ පළමු දිනයේය. වෙඩි තැබීමෙන් හය දෙනෙකු තුවාල ලැබූ බවත්, එක් අයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත් වාර්තා වේ.

වෙඩි තැබීම කළේ 17 හැවිරිදි සිසුවෙකි. ඔහු දකින දකින සැමට වෙඩි තැබූ බව පැවැසෙයි. වෙඩි තැබීමෙන් පසු ඔහු වෙඩි තබාගෙන දිවි නසා ගත්තේය. පුපුරන ද්‍රව්‍ය ඇටවූ කබායක් ද සිසුවා සන්තකයේ තිබී හමුවී ඇත.

තුවාල ලැබූ සය දෙනාගෙන් සිවු දෙනකු පාසලේ සිසු දරුවන්ය. අනෙක් තැනැත්තා පාසලේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකි.

(බීබීසී)