(සුජිත් හේවාජුලිගේ)

ගල්අඟුරු අක්‍රමිකතා සම්බන්ධයෙන් කරැණු සොයා බලන ජනාධිපති කොමිසම බලශක්ති හිටපු අමාත්‍ය ඉංජිනේරැ කුමාර ජයකොඩි මහතා ඇතුළු විසිදෙනෙකුට නොතීසි බාරදී ඇත.

මින් 18 දෙනකු දැනටමත් නිදහසට කරුණු ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ.

බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු තවමත් නිදහසට කරුණු ඉදිරිපත් කර නැතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජනාධිපති කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරු කටයුතු කරති.

මෙම කොම්ෂන් සභාවේ අවසාන වාර්තාව මෙම මස අග හෝ ලබන මස මුල ජනාධිපතිවරයාට බාර දීමට නියමිතය.