ඇල්ල - පස්සර මාර්ගය පස්කන්දක් නිසා වැසේ


(ප්‍රසාද් රුක්මල්)

ඇල්ල - පස්සර ප්‍රධාන මාර්ගයේ මාවුස්සාගොල්ල 23 කනුව ප්‍රදේශයේදි සිදුවු නායයාමක් හේතුවෙන් එම මාර්ගය අද  පස්වරු 6.00 සිට වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු (බදුල්ල) එස්.එස්.හෙන්නායක මහතා පවසයි .

පවතින අධික වර්ශාවත් සමග මෙසේ මාවුස්සාගොල්ල 23 කනුව ප්‍රදේශයේදි මාර්ගයට විශාල පස්කන්දක් ගල්පර්වත ගස්කොලන් සමග  කඩාවැටි ඇති බවත් ,එම පස්කදු ගල්පර්වත ගස්කොලන් ඉවත්කිරිමට යාමේදි වර්ශාවත් සමග තවදුරටත් ඉහල ගල්කුට්ටි පහලට කඩා වැටීමෙ දැඩි අවධානමක් තිබෙන නිසාවෙන් මෙසේ ඇල්ල පස්සර මාර්ගය වසාදමා ඇතැයි හෙන්නායක මහතා සදහන් කලේය .

මේනිසාවෙන් ඇල්ල පස්සර මාර්ගය වෙනුවට විකල්ප මාර්ග ලෙස පස්සර බදුල්ල දෙමෝදර බල්ලැකැටුව නමුණුකුල හෝ කුඹල්වෙල ඇල්ල බල්ලැකැටුව නමුණුකුල මාර්ගය විකල්ප මාර්ග ලෙස භාවිතා කරන ලෙසට පොලිසිය රථවාහන රියැදුරන්ට දැනුම් දී සිටි.