ඉතියෝපියාවේ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 80 ක් මරුට


ඉතියෝපියාවේ සුඩාන මායිමේ පිහිටි බෙනිෂාන්ගුල් - ගුමුස් ප්‍රදේශයේදී සිවිල් වැසියන් පිරිසක් වෙත එල්ල කළ ප්‍රහාරයකින් 80 දෙනකු පමණ මියගොස් තිබේ.

ඉතියෝපියානු මානව හිමිකම් කොමිසම මේ බව තහවුරු කර ඇති නමුත් ප්‍රහාරය සිදුකලේ කවුරුන් ද යන්න පවසා නොමැත.

ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් පහරදුන් බව ගම්වැසියෝ පවසති. ප්‍රහාරය සඳහා 100 දෙනකු පමණ පැමිණ ඇති බව සඳහන් වේ.

පසුගිය මාසයේ ද මෙම ප්‍රදේශයේ සිදුවූ ප්‍රහාරයකින් 220 දෙනකු පමණ මිය ගියහ.

(බීබීසී ඇසුරිනි)

085