


බ්රිතානයයේ විලියම් කුමරු සහ කේට් කුමරිය ඉන්දීය සංචාරයක නියැලෙති.
පළමුවෙන් මුම්බායි නුවරට ගිය විලියම් කුමරු සහ කේට් කුමරිය, ඉන්දීය සුපිරි ක්රිකට් තරුව සචින් තෙන්ඩුල්කාර් හමුවී සහද කතාබහක නියැලීමෙන් පසු, මුම්බායි වීදියක ක්රිකට් ක්රීඩා කිරීමට ද අමතක නොකළහ.
විලියම් කුමරු පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ අතර. කේට් කුමරිය දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් ඇගේ මනරම් පිතිහරඹය රැස්ව සිටි පිරිසට ප්රදර්ශනය කළාය.
‘ටයිම්ස් ඔෆ් ඉන්දියා‘ ඇසුරිනි

