ඉන්ධන නොමැති වීමෙන් මෙගාවොට් 285 ක් අහිමි වෙයි


(යොහාන් භාසුර)

ඉන්ධන නොමැති වීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරයේ මෙගාවොට් 285 ක් ජනනය කළ හැකි  විදුලි ජනන යන්ත්‍ර  දෙකක් අක්‍රීය  වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා අද (19) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

එම බලාගාර සඳහා ඉන්ධන අද පස්වරුවේ ලැබීමට නියමිත බවත් එම ඉන්ධන ලැබුණද  බලාගාරය  සක්‍රිය කිරීමට යම්කිසි කාලයක් ගත වන බවත් එරංග කුඩාහේවා මහතා වැඩි දුරටත් කීය.