උතුරු නැගෙනහිර ඉපැරණි සිද්ධස්ථාන රකින්න යයි


කන්තලේ ශිවන් කෝවිල, ත්‍රිකුණාමලය පේදිරිස් කොටුව හා තිරියාය පුරාණ විහාරය සංරක්ෂණය කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ක්‍රිෂාන්ත ගුණවර්ධන කියයි.

මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවලත් එවැනි සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කරන බවත් ඔහු කියයි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඇතැම් පෞරාණික සිද්ධස්ථාන සතු ඉඩම්වලට බාහිර පුද්ගලයන් ඇතුළුවී ඇතැයි ද කියති. උතුරු නැගෙනහිර ඉපැරණි සංස්කෘතික උරුම සංරක්ෂණය කිරීමෙන් ආගමික සංහිඳියාව හා සංචාරක ප්‍රවර්ධනය ඇතිවන බවත් ඒ සඳහා යාපන සරසවියේ ආචාර්යවරුන් පිරිසකගේ සහාය ලැබෙන බවත් මහාචාර්යවරයා පවසයි.