උතුරෙන් තවත් අක්කර 700 ක් නිදහස්


යාපනය පලාලි අධිආරක්‍ෂිත කලාපයේ උතුරු වලිකාමම්හි තවත් ඉඩම් අක්කර 700 ක් නිදහස් කිරීමට ආරක්‍ෂක හමුදාව එකඟතාව පල කර ඇතැයි යාපනය දිස්ත‍්‍රීක් ලේකම් එන්.වේදනායගම් මහතා පැවසීය

යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළවෙළ සඳහා මෙම ප‍්‍රදේශයෙන් ඉඩම් අක්කර 500 ක් නිදහස් කරන්නැයි ඉල්ලීමක් කර තිබිණි.

කන්කසන්තුරෙයි, කීරිමලෙයි හා මාවිඩ්ඩපුරම් ප‍්‍රදේශවල ඉඩම් මෙලෙස නිදහස් කිරීමට නියමිතය.