(අංජුල මහික වීරරත්න සමඟ සුජිත් හේවාජුලිගේ)
උරුමය ඉඩම් ඔප්පු වැඩසටහන අඩුපාඩු හදා නව ආකාරයකට ක්‍රියාත්මක කරන තුරු නතර කළ බව කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"උරුමය වැඩසටහන නැවැත්තුවා.එහි අඩුපාඩු තියෙනවා.ඒ ගැන හොයන්න කමිටුවක් පත් කර තිබෙනවා. එහි නිර්දේශ පැමිණි පසු අලුත් ආකාරයකට ක්‍රියාත්මක කරනවා" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.