එවරස්ට් කතට රනිල් සුබ පතයි


නේපාලයේ එවරස්ට් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක්වු ජයන්ති කූරුඋතුම්පාල 37 මෙනවිය  කත්මන්ඩු නුවර සිට සිය රටට පැමිණියාය.

අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම මැතිනියද එදින කොරියා සංචාරය සදහා පිටත්ව යාමට පැමිණි අවස්ථාවේදි ගුවන්තොටුපල විශේෂ අමුත්තන්ගේ කුටියෙදි ඔවුනට සුබ පැතූහ.

ජයන්ති මෙනවිය සමග මෙම ගමනට එක්වු ශ්‍රී ලාංකික සගයා වන යොහාන් පීරිස් 48 මහතාද එවරස්ට් තරණයදි මූහුනපෑ දේශගුනික අපහසුතා පිලිබද කටුනායක ගුවන්තොටේදි කීය.

`` අපි මේ ගමනට හොඳ සුදානමක් තිබුණා  හුඟක් අය අපිට උදව් කලා  04 වෙනි කදවුර ආසන්නයේදි මගේ ඔක්ෂිජන් අඩු වුනා හොද සිහියක් ඒ ගැන තිබිය යුතුයි. මීටර 8848ක් (අඩි 29029) උසැති එවරස්ට් කඳු මුදුනට මීටර් 300 තියෙද්දි ජිවිත අවදානම සැලකිල්ලට ගෙන ආපසු  හැරුණා  ජයන්ති කදු මුදුන-ටම ගියා අපි සමිපයේ සිටි විදේශිකයින් පස් දෙනෙක් මිය ගියා දෙදෙනෙක් අතුරුදන් වුනා පසුව දින කීපයකදි නැවත හමු වුනා.

ජයන්ති කූරුඋතුම්පාල මෙනවියද මෙසේ කිවාය,

මේ ගමන ඉතාමත් දුෂ්කරයි ඒ වගේම භායානකයි අපිට තුවාල වුනා මනසට දැඩි අපහසුවක් දැනුනා  එවරස්ට්කදු මුදුනටම ගිහින් ලංකාවේ ධජය සිටවන්න ලැබිම සිහිනයක් වගේ ,, ජයන්ති සහ යොහාන් දෙපල පිලිගැනීමට පවුලේ සමාජිකයෝද සහ  හිතවතුහු පිරිසක්ද ගුවන්තොටට පැමිණ සිටියහ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෛත්‍රී ගුවන්තොටුපළ විශේෂ අමුත්තනගේ කුටියේදි ජයන්ති සහ යොහාන් සමග එවරස්ටි ගමන පිලිබද කතා බහක යෙදුනහ.

01 02 04