ඕස්ට්‍රේලියා පුවත ගැන විමර්ශන සීඅයිඩියට


මෛත්‍රිපාල සිරිසේන මහතා ඇමැතිවරයකු සමයේ විදෙස් සමාගමකින් කොමිස් ඉල්ලූ බවට ඕස්ට්‍රේලියා පුවත්පතක් කළ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට රහස් පොලිසියට බාරදී ඇතැයිද කැබිනට් ප්‍රකාශක ඇමැති  රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේය.

‘සිඩ්නි මෝර්නිං හෙරල්ඩ්‘ වෙබ් අඩවියේ පළවූ එම සිදුවීමට තමාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි මෛත්‍රීපාල සිරිසේන මහතා කියා තිබිණි.

එම විමර්ශනය සඳහා අවශ්‍ය වුවහොත් විදෙස් සහායද ලබා ගනු ඇතැයි ඇමැති සඳහන් කළේය.

_MG_3847