(නිමල කොඩිතුවක්කු)
රාජ්‍ය පරිපාල චක්‍රලේඛ 10/2025 මගින්, කපා දැමීමට යෝජනා කර තිබූ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අමතර සේවා දින සහ අමතර සේවා පැය සඳහා මෙතෙක් ගෙවනු ලැබූ දීමනා ක්‍රමය යළි තහවුරු කිරීමට රජය එකඟ වූ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.
පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් මෙම වසරේදී එයින් කොටසක් ගෙවීමට රජය යෝජනා කර ඇති අතර, ආර්ථික තත්ත්වය යහපත් වූ වහාම එම සම්පූර්ණ මුදල ගෙවීමට අදාළ චක්‍රලේඛය තුළ නීතිමය ප්‍රතිපාදන සපයා ඇති බවත් ඔහු සඳහන් කළේය.
වසර හතළිහක් පමණ බුක්ති විඳිමින් සිටි විස්සෙන් එකේ දීමනාව තිහෙන් එක බවට පත් කිරීමටත්, වෛද්‍ය වෘත්තිකයින්ට සහ පරිපූරක වෛද්‍ය හෙද හා අතුරු වෛද්‍ය වෘත්තිකයන් සඳහා අමතර පැයකට ගෙවන ලද අසූවෙන් එක සහ එකසිය හැටෙන් එකක දීමනා පිළිවෙළින් එකසිය විස්සෙන් එක සහ දෙසීයෙන් එක දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේදී ප්‍රකාශ කරන ලදී.