කමිසුරුට පහරදුන් දෙන්නෙකුට ඇප


මලයාසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්  අයි. අන්සාර් මහතාට ඉරිදා (04) පහරදීමේ චෝදනාව යටතේ එරට පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනෙකුගෙන් දෙදෙනෙකු මලයාසියා රිංගිට් 7000 ක (රුපියල් විසි හත් ලක්ෂ තිස් අටදහසකට වැඩි මුදලකට වැඩි ) මුදල් ඇප මත මුදාහැරීමට මලයාසියා අධිකරණය විසින් තින්දු කර ඇතැයි එරට “ බර්නාමා “ පුවත් වෙබ් අඩවිය අද (09) වාර්තා කළේය.

මුදා හැර  ඇත්තේ ඒ.කලෙයිමුහිලන් (25) හා වී.බාලා මුරුගන් (34) යන අයයි.

ලබන මස 07 වැනිදා යළි නඩුව කැඳවීමට  නියමිතය.