කර්නල්ගේ බිරිය තවමත් දැඩි සත්කාරයේ


මාලඹේ  පිට්ටුගල ඉසුරුපුර නිවසේදී  ඉකුත්  27 වැනි දා  රාත්‍රියේ ලුතිනන් කර්නල්වරයකු වු  සිය සැමියා තැබු බව කියන වෙඩි ප්‍රහාරයට  ලක් වු  නයනා ප්‍රනාන්දු (43) අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ  ප්‍රතිකාර  ලබමින් සිටින බවත් ශල්‍ය  කර්ම තුනකට  භාජනය කර  ඇති ඇගේ අවදානම් තත්ත්වය පහව ගොස්  නැති බවත්  කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය  අනිල්  ජාසිංහ මහතා පැවසීය.

නයනා  ප්‍රනාන්දු  මහත්මියගේ උදරයට  දකුණු  අතට  හා  දකුණු  කලවා  ප්‍ර දේශයට  එල්ල වු  ප්‍රහාර  වලින්  අභ්‍යන්තර  ඉන්ද්‍රියන්  ට  හානි  සිදු ව ඇති  බව ජාසිංහ මහතා කීවේය.