කරීනා ගැබිනියක් : 'විරේ ඩි වෙඩින්' කල්යයි


2016-09-08-ent-83

‘විරේ ඞී වෙඩින්’ චිත‍්‍රපටිය ආරම්භයේ පටන්ම පුවත් මැව්වේය. එම නිසාම රසිකයෝ එය තිරගත වනතුරු මගබලා සිටියහ. එහි රූගත කිරීම් ඇරඹෙන්නට නියමිතව තිබුණේ සැප්තැම්බර් මාසයේය. එහෙත් එය ලබන වසරේ අපේ‍්‍රල් දක්වා කල් ගොස් තිබෙන්නේ එහි ප‍්‍රධාන චරිතය රඟපාන කරීනා කපූර්ගේ ගර්භනීත්වය හේතුවෙනි. ඇයට දරුවා ලැබුණ පසු රූගත කිරීම් ආරම්භ කරන්නට නිෂ්පාදකයන් තීරණය කර ඇත. රූගත කිරීම්වලට සහභාගි වීමට තමාගේ අකැමැත්තක් නැති බව කරීනා කියතත් නිෂ්පාදකයන් එයට එකඟ වී නැත්තේ ඇගේ නූපන් දරුවා ආරක්ෂා කිරීම සඳහා විශාල වියදමක් දරන්නට ඔවුන්ට සිදුවන බැවිනි. මුළු චිත‍්‍රපටියටම වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 34කි. කරීනා වෙනුවෙන් වැඩි මුදලක් වැය කළහොත් එයින් ඇති වන ප‍්‍රතිඵල සුබදායක නොවේ.

 

2016-09-08-ent-82