දෙසැම්බර් මාසයේදී සිය පළමු දරුවා ලැබීමට සූදානමින් සිටින ජනප්රිය බොලිවුඩ් සිනමා නිළි කරිනා කපූර් පසුගියදා ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි සුපිරි වෙළෙඳසැලකට ගොඩවූ ආකාරයේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.
මේ වනවිට සිවුමස් ගැබිනියක වන කරීනා කපූර්ගේ උදරය තරමක් විශාල වී තිබෙන අයුරක් මෙම ඡායාරූපවලින් දක්නට තිබෙනවා. මේ වනවිට බොලිවුඩයේ වඩාත්ම කතාබහට ලක්වන ගැබිනි මව වන කරීනා මේ දිනවල චිත්රපට රූපගත කිරීම් මෙන්ම, අනෙකුත් කලා කටයුතුවලින්ද ඉවත්ව තිබෙන බව සඳහන් වෙනවා.
මීට සතියකට පෙර කරීනා හා ඇයගේ සැමියා වූ සායිෆ් දෙදෙනා එංගලන්තයේ ලන්ඩන් නගරයේ සංචාරයක නිරත වු අතර, එහිදී දෙසැම්බර්යේ උපදින සිය කුලුඳුල් දරුවාටද සෙල්ලම් බඩුද මිලදීගත් බවද සඳහන්.