කලාවැව් ඉස්මත්තේ මී ගස් ජාවාරමක්


කලාවැවේ ජලය අඩුවීමත් සමග කොහොඹිලියාගම වැව් තාවුල්ලේ පිහිටි මී ගස් කපා ප්‍රවාහනය කිරීමේ කලක සිට පැවැති ජාවාරම තවමත් සිදුවන බව ගම්වැසියෝ කියති.

වනජීවී දෙපාර්තමේන්තුව මගින් ජාතික උද්‍යානයක් බවට නම් කර ඇති මෙහි ඇති මී ගස්වල කඳ මැදින් පොත්ත ඉවත්කර පසුව ගස මියයාමත් සමග ඉඩෝරයට වැව සිදී ගිය පසු එම ගස් කපා දැව වලට අලෙවි කරන බව කියති.

මේ පිළිබඳව ගල්කිරියාගම වනජීවී කාර්යාල යේ ස්ථාන භාර සංජිව කුලතුංග මහතාගෙන් විමසීමේදී  ඔහු කිවේ එම ගසේ මැද බෙනයක් ඇති නිසා අතහැර දමා තිබෙන බවය .දැව ජාවාරම් සිදුවේනම් ඒ පිළිබඳව සොයා බලන බව ද ඔහු කීවේය.

DSC09479 DSC09533 DSC09540DSC09578