කළු සල්ලි සුදු කළැයි කියන ගණු දෙනු සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි ඇතුළු 40 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ගත් බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළේය.
රහස් පොලිසියේ මූල්‍ය අපරාධ අංශයේ නිරීක්ෂක දිනේෂ් සිල්වා අධිකරණයට පැවසූයේ කපිතාන් තිස්ස විමලසේන, ධමිත් ගොමින් රණසිංහ හා නෙවිල් වන්නිආරච්චිගේ කොමර්ෂල් බැංකු හා මූල්‍ය ආයතන ගිණුම් පිළිබද විස්තර තවම නොලැබුණු බවයි.
මෙතෙක් පැවැත් වූ පරීක්ෂණ අනූව ඔවුනට චොදනා ගොනු කිරීමට තරම් පැහැදිලි තොරතුරු නැතැයි ද එහෙත් දිගටම පරීක්ෂණ පවත්වාගෙන යන්නේ යැයි ද පැමිණිල්ල අධිකරණයට දැන්වීය.