කාන්තාවගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට දැමු පීසී අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක) 

කාන්තාවක සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා ඇයගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ වෙනත් පුද්ගලයන් අතට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොතුවිල් පොලිසිය පවසයි.

ලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශනයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි කොස්තාපල්වරයෙකි. 

සැකකාර කොස්තාපල් පොතුවිල් ප්‍රදේශයේ කාන්තාවක සමඟ කාලයක සිට අනියම් සම්බන්ධයක් පවත්වා ගෙනගොස් ඇති අතර, එහිදී සැකකරු  අවස්ථා කිහිපයකදී ඇගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ සැකකරුගේ දුරකථනයෙන් ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.