කාබනික නිෂ්පාදන නියාමනයට පාරිභෝගික අධිකාරිය මැදිහත් වෙයි


(යොහාන් භාසුර)

වෙළඳපොලේ විකිණීමට ඇති කාබනික නිෂ්පාදන නියාමනය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මැදිහත්වීම සහ දැනට පවතින නීති යාවත්කාලීන කිරීමේ වැදගත්කම පිළිබඳව ජාත්‍යන්තර වෙළෙඳ කොමිසම සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතර විශේෂ සාකච්ඡාවක් එම අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.

එහිදී කාබනික නිෂ්පාදන සම්බන්ධව වෙළදපොල තුළ පවතින ගැටළු, එම නිෂ්පාදනවල සාම්පල පරීක්ෂා කරමින් පාරිභෝගිකයා නොමග යවන වෙළදුන් සම්බන්ධයෙන් අධිකාරිය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ එහි ප්‍රගතිය සම්බන්ධව අවධානය යොමු කළ අතර වෙළදපොල තුල පාරිභෝගිකයන්ට ගුණත්වයෙන් යුත් කාබනික නිෂ්පාදන අලෙවිකිරීම ප්‍රවර්ධනය , නිෂ්පාදනයන් සහතිකකරණය , නිෂ්පාදකයන් ලියාපදිංචිය , අපනයන වෙළෙඳපොළ ප්‍රවර්ධනය , පාරිභෝගිකයා ආරක්ෂා කිරීම තහවුරු කිරීම පිළිබඳව සාකච්ඡා කළහ.